Posts

මාරියා අල්කන්සාස්

Image

Malisha Fernando

Image

සඳනි ප්‍රනාන්දු කොරියාවට ගිය හේතුව

Image
ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි සඳනි ප්‍රනාන්දු මේ දිනවල ප්‍රේක්ෂක ඔබ හමුවන්නේ සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කරන ‘තුත්තිරි’ ටෙලි නාට්‍යය තුළිනි. ඉදිරියේදී තවත් කලා නිර්මාණ කිහිපයකින්ම ඔබ හමුවීමට සූදානමින් සිටින ඇය පසුගිය දිනවල කොරියාවේ සංචාරයක නිරත විය. ඒ පිළිබඳව සඳනි අපිට පැවසුවේ මෙවැනි අදහසකි. “කොරියාවේ ගියේ මට පුසංග කිහිපයක් සඳහා සම්බන්ධ වෙන්න ආරාධනා ලැබු නිසා. සතියක කාලයක් මම කොරියාවේ හිටියා. ඒ අතරතුර සංවිධානය කරලා තිබුණ ප්‍රසංග තුනකට සහභාගි වුණා. ප්‍රසංග තිබුණේ කොරියාවේ නගර තුනක. ලාංකීකයෝ බොහෝ පිරිසක් මේ ප්‍රසංග සඳහා සහභාගි වෙලා හිටියා. රසික ප්‍රතිචාරවල නම් මට අඩුවක් තිබුණේ නැහැ. ගොඩක් අය මාව අඳුනගත්තේ ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ ‘රශ්මි’ විදිහට. ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යය නිමාවෙලත් තවමත් ‘රශ්මි’ කියන මා රඟපෑ චරිතය කාටවත් අමතක වෙලා නැහැ කියලා මේ ලැබුණ ප්‍රතිචාරත් එක්ක මට දැනුණා.

මිෂෙල් නිවේදිකාවක් වෙයි

Image
සිරස රූපවාහිනියේ විකාශනය වූ සල්සපුනා ටෙලි නාට්‍ය ඔස්සේ රංගනයට එක් වූ මිෂෙල් දිල්හාරා සිරස ඔස්සේ විකාශය වෙන සික්ස්ටීන් ප්ලස් ( 16 + ) වැඩසටහනෙන් නිවේදිකාවක් ලෙසද කලඑළි බැස ඇත. පළමු ටෙලි නාට්‍යයෙන්ම ජනප්‍රියත්වයට පත් ඇය මේ වන විට තුත්තිරි, දංකුඩ බණ්ඩා නාට්‍ය වලද රංගනය නියැළෙමින් සිටී. මීට අමතරව තවත් නිර්මාණ කිහිපයකට ඇය සම්බන්ධ වී ඇති අතර එම නිර්මාණ ඉදිරියේ දී දැකගන්නට හැකි බව ඇය පැවැසුවාය. ‘‘ මම රසිකයන් අතරට රංගන ශිල්පිනියක් ලෙස ආවේ සිරස රූපවාහිනියේ විකාශය වුණු සල්සපුනා හරහා. ඒ වගේම නිවේදිකාවක් ලෙසත් දක්ෂතා දක්වන්න ඉඩකඩ ලැබුණේ සිරසෙන්. ඒ මා ලැබූ වාසනාවක් ලෙසයි මම දකින්නේ.‘‘

මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක්

Image
මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැතිනම් සල්සපුනා ටෙලිනාට්‍යයේ පොඩි පත්තරකාරී ඔබට මතකද?. තවත් විදිහකින් කිව්වොත් සිදූ නාට්‍යයේ සුරංගනාවි ඔබට මතක ඇතිනේද?. ඇයට පසුගියදා සම්මානයක් හිමිවුණා. ඇත්තටම මිෂෙල්ට හම්බවුණ සම්මානය මොකක්ද?. අපි ඒ ගැන දැනගන්න ඇයට කතාකළා. ඔබට ලැබුණ අලූත්ම සම්මානය ගැන කතා කළොත් ? ලෝකයේ රටවල් අසූවකට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් හාරසිය පනහකට අධික සංඛ්‍යාවක් සහභාගිවන දකුණු ආසියානු තරුණ සමුළුවේදී ඒෂියා ඉන්ස්පිරේෂන් අවෝර්ඞ් කියන සම්මානය තමයි මට හිමිවුණේ. පහුගිය 30 වැනිදා කොළඹ ගලදාරි හෝටලයේ තමයි මේ සම්මාන රාත‍්‍රිය තිබුණේ. එහිදී මට මේ සම්මානය ලැබුණා. මේක ආසියානු රටක පවත්වපු උත්සවයක්. මෙවර පැවැත්වුණේ ලංකාවේ. කොහොමද මේ අවස්ථාව උදාවුණේ? හැම අවුරුද්දකදීම ලෝකයේ එක රට එක නියෝජිතයෙකුට ඔවුන් වසරක් පාසා මේ සම්මානය ලබාදෙනවා. මෙවර ඒ සම්මානය හිමිවුණේ ලංකාවට. මුලින්ම ලංකාව මේ සම්මානය සදහා නිර්දේශවෙලා තිබුණා. ඊට පසුව තමයි මගේ නම යෝජනාවෙලා තියෙන්නේ. ඒෂියා ඉන්ස්පෙරේෂන් අවෝර්ඞ්

Anjali - Sri Lankan Beautiful, Actress & Model

Image