මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක්






මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැතිනම් සල්සපුනා ටෙලිනාට්‍යයේ පොඩි පත්තරකාරී ඔබට මතකද?. තවත් විදිහකින් කිව්වොත් සිදූ නාට්‍යයේ සුරංගනාවි ඔබට මතක ඇතිනේද?. ඇයට පසුගියදා සම්මානයක් හිමිවුණා. ඇත්තටම මිෂෙල්ට හම්බවුණ සම්මානය මොකක්ද?. අපි ඒ ගැන දැනගන්න ඇයට කතාකළා.
ඔබට ලැබුණ අලූත්ම සම්මානය ගැන කතා කළොත් ? ලෝකයේ රටවල් අසූවකට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් හාරසිය පනහකට අධික සංඛ්‍යාවක් සහභාගිවන දකුණු ආසියානු තරුණ සමුළුවේදී ඒෂියා ඉන්ස්පිරේෂන් අවෝර්ඞ් කියන සම්මානය තමයි මට හිමිවුණේ. පහුගිය 30 වැනිදා කොළඹ ගලදාරි හෝටලයේ තමයි මේ සම්මාන රාත‍්‍රිය තිබුණේ. එහිදී මට මේ සම්මානය ලැබුණා. මේක ආසියානු රටක පවත්වපු උත්සවයක්. මෙවර පැවැත්වුණේ ලංකාවේ.
කොහොමද මේ අවස්ථාව උදාවුණේ? හැම අවුරුද්දකදීම ලෝකයේ එක රට එක නියෝජිතයෙකුට ඔවුන් වසරක් පාසා මේ සම්මානය ලබාදෙනවා. මෙවර ඒ සම්මානය හිමිවුණේ ලංකාවට. මුලින්ම ලංකාව මේ සම්මානය සදහා නිර්දේශවෙලා තිබුණා. ඊට පසුව තමයි මගේ නම යෝජනාවෙලා තියෙන්නේ.

ඒෂියා ඉන්ස්පෙරේෂන් අවෝර්ඞ් කියන්නේ මොකක්ද? මේක සමාජ සේවා කටයුතු වෙනුවෙන් ලබාදෙන සම්මානයක්. තමන් කරන සමාජ සේවාව වෙනුවෙන් ඇගයීමක් තමයි ඔවුන් මේ කරලා තියෙන්නේ.
මේ ලැබුණ අවස්ථාව ගැන මොකද හිතෙන්නේ ? ඇත්තටම සම්මානයක් බලාගෙන නෙමෙයි මම සමාජසේවා කටයුතු සිදුකළේ. මම කවදාවත් සම්මාන බලාගෙන මිනිස්සුන්ට උදව්කරන්නේ නැහැ. නමුත් මෙවැනි ඇගයීමක් ලැබීම ගැන ඇත්තටම සතුටුයි. ඒ වෙනුවෙන් මෙම සංවිධානයේ සභාපති කේ. කේ. සිං මහතාට ස්තූතිවන්ත වෙන්න ඕනෑ. ඊට අමතරව මට මේ වෙනකම් අතහිත දුන් සියලූම දෙනාට වගේම අනෝජා වීරසිංහ මහත්මිය” දමයන්ති ෆොන්සේකා මහත්මිය” මට පළමු ටෙලිනාට්‍ය ලබාදුන්න සුසිල ආයතනය වගේම මේ වෙනකම් මම දායකවුණ ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළ මාලතී විජේසිංහ මහයත්මියටත් ස්තූතිවන්ත වෙන්න ඕනෑ. ඇත්තටම සතුටුයි.
මේ සම්මානය ලැබේවි කියලා මුල ඉදගෙන විශ්වාසයක් තිබුණාද? මේක ලංකාවේ පවත්වන සම්මාන උළෙළක් නෙමෙයි. එහෙම වුණානම් මම මුලදීම දැනගන්නවා. මේක ජාත්‍යන්තර සම්මානයක්. ඔවුන් මේ සම්මානය ලබාදෙන්න කලින් ගොඩක් දුරට සමීක්‍ෂණයක් කරලා තිබුණා. මම කීයටවත් හිතුවේ නැහැ මෙවැනි සම්මානයක් ලැබේවි කියලා. මෙවර ලංකාව යූත් සමිට් එකට සහභාගිවෙන හින්දා තමයි ඔවුන් මෙම සම්මාන උළෙල ලංකාවේ පවත්වන්න තීරණය කරලා තියෙන්නේ. ලංකාවේ ඉන්න අයගෙන් මේ සම්මානයට නිර්දේශවෙලා තියෙන්නේ කවුද කියලා මට ඊමේල් පණිවුඩයක් ලැබුණහම තමයි දැනගත්තේ මමත් කාණ්ඩයේ ඉන්නවා කියලා.
සම්මානය ඔබට ලැබෙන්න විශේෂ හේතුවක් තිබුණාද? ඒක මම හිතන විදිහට රංගන ශිල්පිණියක් විදිහට කරපු සමාජ සේවාවන් වෙනුවෙන් ලැබුණ ඇගයීමක් විදිහට තමයි සම්මානය ලැබිලා තියෙන්නේ. ඒක මට ලැබුණේ සමාජ සේවා කටයුතු වෙනුවෙන්.

නිළියක් විදිහට ඉදිරියේදී සමාජ සේවා කටයුතුවලට වැඩි ඉඩක් වෙන්කරනවාද? මේ වෙනකම් වැඩකටයුතු කරගෙන විදිහට ඉදිරියටත් වැඩකරගෙන යන්නේ. මම වෘත්තීය නිළියක්. මම කරන රැකියාවට ගොඩක් ගරුකරනවා. ඒවත් එක්කම අධ්‍යාපන කටයුතු පවා සමබරව කරගෙන යන්න ඕනෑ. මොකද අධ්‍යාපනය නැතිව කිසිම දෙයක් කරන්න බැහැනේ. ඉතිං මගේ උසස් අධ්‍යාපන කටයුතු රංගන වැඩකටයුතු වගේම සමාජ සේවා වැඩකටයුතු සමබරව කරගෙන යනවා. මේ සම්මානය ලැබුණ කියලා මේ දේවල්වලට විශේෂයක් කරගෙන යන්නේ නැහැ.
රගපෑම් වැඩකටයුතු එහෙම කොහොමද? මේ දිනවල කන්තෝරු මෝරු” ක‍්‍රයිම් සීන්” පූරි කියන ටෙලිනාට්‍ය තුන විකාශනය වෙනවා. ඊට අමතරව ඉදිරියේදී තිරගතවීමට නියමිත අනුලාදේවි ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සිදුකරගෙන යනවා.
රංගනයට ලැබෙන ප‍්‍රතිචාර ? ඉතා ඉහළයි. මේ වෙනකම් මට ලැබුණේ එකිනෙකට වෙනස් චරිත.

Comments

Popular posts from this blog

Nipunika Hewagamage

"නිල් නිලියක් අවුරුදු 15කට වෙන්කරගත් ව්‍යාපාරිකයා"