නිසංසලා මධුෂානි



වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහොමයකින් වර්තමානයේ බොහෝ දෙනෙකු දන්නා හඳුනන චරිතයක් බවට පත්ව ඇති නිසංසලා මධුෂානි මෙවර අද තරු කතාබහට සම්බන්ධ කරගනු ලැබුවා. වෘත්තීය මට්ටමේ මෝස්තර නිරූපිකාවක් වන ඇය ඉදිරියේදී රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරන්නට සූදානමින් සිටියි. මේ දිගහැරෙන්නේ අප ඇය සමග කළ කතාබහයි.

Q නිශී කියන්නේ මේ දිනවල නිරූපණ ක්ෂේත්‍රය තුළ  කතාබහ වන චරිතයක්?

මම හිතන්නේ ඒකට හේතුව මම දායක වුණ නිර්මාණ කිහිපයක්ම මෑතකදී ප්‍රේක්ෂකයන්ට දකින්නට අවස්ථාව ලැබුණ නිසා වෙන්න ඇති කියලා. ඒ වගේම ඉදිරියේදී මා දායක වුණ බොහෝ නිර්මාණ තියෙනවා එළිදකින්න. විශේෂයෙන්ම මම අලුතින්ම දායක වුණ මංජුල වැල්ලවත්ත ගායනා කරන %දුර ඈතක^ ගීතය. ඊට අමතරව රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන්නත් මේ වනවිට මට ආරාධනා ලැබිලා තියෙනවා.
Q නිරූපිකාවක් වෙන්නද රංගන ශිල්පිනියක් වෙන්ද වඩා කැමති?

මේ දෙකටම මම කැමතියි. ඇත්තටම, මම වෘත්තියක් විදිහට මගේම කියලා රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යනවා. ඉතිං විනෝදාංශයක් විදිහට තමයි නිරූපණ හා කලා කටයුතුවලට දායක වෙන්නේ. ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම් රැසකට දායක වෙලා තිබුණත්, ටෙලි හා සිනමා රංගන ශිල්පිනියක් විදිහට තවමත් මම මේ ක්ෂේත්‍රයේ කටයුතු කරලා නැහැ. ඒ පැත්තට යොමුවෙලා රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරන්න ආසාවක් තියෙනවා.

Q දායක වෙලා තියෙන නිර්මාණ අතරින් ඔබව රසික පිරිස් වැඩිපුරම හඳුනා ගත්තේ?

Steady ගායනා කරන නිල් නෙතු  හා ඉසුරු විජේසිංහගේ පුංචි සිහිනය කියන ගීත රූප රචනාවලින් තමයි රසිකයන් අතරට මම ගියේ. ඊට අමතරව මුතුකරුපන් චෙට්ටියාර් ජුවලර්ස්, මන්චි ජින්ජර් බිස්කට් හා කොමර්ෂල් බැංකුව මගින් කළ වෙළෙඳ දැන්වීම් හරහාත් මම රසිකයන් අතරට ගියා.

නිරූපණ ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් කොපමණ කාලයක් වෙනවද?

මම නිරූපණ ක්ෂේත්‍රයට ඇවිල්ලා දැනට වසර එකහමාරක් විතර වෙනවා. නමුත්, බොහෝ නිර්මාණවලට මේ කෙටි කාලය තුළදී මට දායක වෙන්න ලැබුණා. ඒ වගේම නිරූපණ ක්ෂේත්‍රයේ පවා මට යම් තැනකට මේ කෙටි කාලය තුළදී එන්න පුළුවන් වුණා. නිරූපණ ක්ෂේත්‍රය තුළ මට පිළිගැනීමක් තියෙන්නේ බ්‍රයිඩල් ෂෝ වලට පෙනී හිටින නිරූපිකාවක් විදිහට.
Q ඔබට මොකද නිරූපණ ක්ෂේත්‍රය ගැන හිතෙන්නේ?

ක්ෂේත්‍රය තුළ විවිධ මත තියෙනවා. අපි අපේ වැඩේ කරගෙන පාඩුවේ ඉන්නවා නම් අපිට කිසිම බලපෑමක් කිසිම කෙනෙක්ගෙන් එල්ල වෙන්නේ නැහැ. මගේ පවුලේ අය නම් මම ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවට මුලදි අකමැති වුණා. විශේෂයෙන්ම මගේ තාත්තා. ඒත්, දැන් එහෙම දෙයක් නැහැ. මම මොන වැඩකට දායක වුණත් මගේ අම්මා මා පස්සෙම ඉන්නවා. මගේ තාත්තා වුණත් මාව මේ ක්ෂේත්‍රයේ වැඩවලට එවන්න කැමති වුණේ මගේ අම්මා මා සමග නිතරම රැඳෙන නිසා. ඒ නිසා ක්ෂේත්‍රය ගැන මට බයක් නැහැ.

Q ගැමි පරිසරයක හැදුණ ඔබ කොටට ඇඳුම් අදින කොට ගැටලුවක් මතුවෙන්නේ නැද්ද?

නිරූපිකාවක් විදිහට කටයුතු කරනකොට ඕනෑම ඇඳුමක් අදින්න පුළුවන් වෙන්න ඕන. කොටට අඳින්න ඕන අවස්ථාවලදි කොටට අඳින්න ඕන. මම දකින්නෙ නැහැ එහි වරදක් තියෙනවා කියලා.
Q ලැබෙන ඕනෑම වැඩක් ඔබ බාරගන්නවාද?

නැහැ. මට සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහා වැඩ මම බාරගන්නෙ නැහැ. මට ගැළපෙනවා කියල හිතෙන දේ මම භාර ගන්නවා. ඒ වගේම මගේ චරිතයට හානියක් වෙන වැඩ මම බාර ගන්නේ නැහැ. මේක හොඳ වැඩක් කියලා මට හිතුණොත් ඒ සඳහා මට ලැබෙන මුදල පවා නොතකා මම ඒ වැඩේට දායක වෙනවා.
Q නිරූපිකාවක් විදිහට ඔබට ඉලක්කයක් තියෙනවාද?

නිරූපිකාවක් විදිහට මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණ මුල් කාලයේදී හිතුණා විනෝදයක් විදිහට කරන්න. නමුත්, දැන් මම මේ ක්ෂේත්‍රය තුළින් යම් දුරකට ඇවිල්ලා ඉන්නවා. ඒ හින්දා දැනට මගේ තියෙන ලොකුම ඉලක්කය තමයි මේ ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන පුළුවන් කාලයක් රැඳිලා වැඩ කරන එක.

more Image

Comments

Popular posts from this blog

Nipunika Hewagamage

"නිල් නිලියක් අවුරුදු 15කට වෙන්කරගත් ව්‍යාපාරිකයා"