Posts

Showing posts from July, 2015

නිසංසලා මධුෂානි

Image
වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහොමයකින් වර්තමානයේ බොහෝ දෙනෙකු දන්නා හඳුනන චරිතයක් බවට පත්ව ඇති නිසංසලා මධුෂානි මෙවර අද තරු කතාබහට සම්බන්ධ කරගනු ලැබුවා. වෘත්තීය මට්ටමේ මෝස්තර නිරූපිකාවක් වන ඇය ඉදිරියේදී රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරන්නට සූදානමින් සිටියි. මේ දිගහැරෙන්නේ අප ඇය සමග කළ කතාබහයි. Q නිශී කියන්නේ මේ දිනවල නිරූපණ ක්ෂේත්‍රය තුළ  කතාබහ වන චරිතයක්? මම හිතන්නේ ඒකට හේතුව මම දායක වුණ නිර්මාණ කිහිපයක්ම මෑතකදී ප්‍රේක්ෂකයන්ට දකින්නට අවස්ථාව ලැබුණ නිසා වෙන්න ඇති කියලා. ඒ වගේම ඉදිරියේදී මා දායක වුණ බොහෝ නිර්මාණ තියෙනවා එළිදකින්න. විශේෂයෙන්ම මම අලුතින්ම දායක වුණ මංජුල වැල්ලවත්ත ගායනා කරන %දුර ඈතක^ ගීතය. ඊට අමතරව රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන්නත් මේ වනවිට මට ආරාධනා ලැබිලා තියෙනවා. Q නිරූපිකාවක් වෙන්නද රංගන ශිල්පිනියක් වෙන්ද වඩා කැමති? මේ දෙකටම මම කැමතියි. ඇත්තටම, මම වෘත්තියක් විදිහට මගේම කියලා රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යනවා. ඉතිං විනෝදාංශයක් විදිහට තමයි නිරූපණ හා කලා කටයුතුවලට දායක වෙන්නේ. ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම් රැසකට දායක වෙලා තිබුණත්, ටෙලි හා සිනමා රංගන ශිල්පිනියක් විදිහට ත