ගණිකාවක් වූ ළමා නිළිය ශ්වේතා අත්අඩංගුවට


තෙළිඟු ළමා නිළියක ලෙස බොලිවුඩ් සිනමාවට පිවිසීමෙන් පසු සම්මානනීය නිළියක බවට පත්වූ ශ්වේතා බාසු ගණිකා වෘත්තියේ නියැළීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. ඇය ගණිකාවක් බව විදෙස් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමෙන් පසු ඉන්දීය පොලීසිය විසින් ඇය ගැන පරීක්ෂණ ආරම්භ කර ඇත.

අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇය ඉන්දීය පොලීසියට පවසා ඇත්තේ, තම පවුලේ ඇති ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ගණිකා වෘත්තියට පිවිසි බවයි. මූල්‍ය අගහිඟකම් පැවතීම නිසා සිය පවුලේ අවශ්‍යතා ඉටුකිරීම අසීරු වී පැවැති අවස්ථාවක තමන්ගේ සමීපතමයන් කිහිප දෙනෙකුගේ පෙළඹවීම මත මෙම වෘත්තියට එළඹුණු බව ඇය පවසා තිබේ.

තමන් වැනි තවත් නිළියන් කිහිප දෙනෙකුම මුදල් ඉපයීම සඳහා ගණිකා වෘත්තියෙහි නිරතව සිටින බවද ඇය හෙළිකර ඇත.

ළමා නිළියක ලෙස සිනමාවට පිවිසි ඇය හින්දි, දමිළ, තෙළිඟු සහ බෙංගාලි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී ඇති අතර, එම රඟපෑම් තුළින් හොඳම ළමා නිළිය, හොඳම සහාය නිළිය ඇතුළු ඉන්දීය ජාතික සම්මාන රැසකින් ඇය පිදුම් ලබා ඇත. එමෙන්ම ඇය ෆිල්ම්ෆෙයාර්, IIFA ඇතුළු තවත් සම්මාන රැසකට නිර්දේශ වී ඇති දක්ෂ රංගන ශිල්පිනියක බවද ඉන්දිදීය මාධ්‍ය සඳහන් කරයි.


http://ada.lk/













Comments

Popular posts from this blog

Nipunika Hewagamage

"නිල් නිලියක් අවුරුදු 15කට වෙන්කරගත් ව්‍යාපාරිකයා"