Posts

Showing posts from December, 2014

මිස් ග්ලෝබල් ඒෂනී

Image
2014 මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් සඳහා මිස් ශ්‍රී ලංකා ලෙස තේරුණේ මේ රුවැත්තියයි. මේ අනුව දෙසැම්බර් 6 වැනිදා ජැමෙයිකාවේ කිංස්ටන් නුවර දී පැවැත්වෙන ”මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල්” ලෝක තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනයට වරම් ලබා සිටින්නී ඇයයි. ඒෂනී ඩයනා ජයපාල ඇයගෙ නාමයයි. මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් තරගයට යන ඇය කවු ද?    ඒෂනි ඔබ කවු ද? මගේ ගම කුරුණෑගල. ඉගෙන ගත්තෙ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්. පවුලේ අම්මයි, තාත්තයි, අයියායි, මමයි. අපි පදිංචි විජේරාමෙ. සාමාන්‍ය පෙළ විභාගයට ලියලා ගෙදර සිටිය දී අම්මා මාව සුදර්ශනීගෙ නර්තන පන්තියකට යොමු කළා. එහි දී නිරූපණයටත් අවස්ථා ලැබුණා. පසුව රූපවාහිනී දැන්වීම්වලට පෙනී සිටින්න අවස්ථාව ලැබුණා. ”ඞීඑස්අයි” ඇඞ් එකෙන් පටන් ගත්තෙ. මේ අතරවාරයෙදි ආයතන කිහිපයක සේවය කළා. ඉන් පසුව ස්වර්ණවාහිනිය, සියත සහ සන් FM (එෆ්එම්) නිවේදිකාවක ලෙසත් කටයුතු කළා.     අද දවසේ නියැලෙන්නෙ මොන අංශයේ ද? දැන්වීම්වලට පෙනී සිටිනවා. ඒ වගේම අර්ධකාලීනව නිරූපණයේ යෙදෙනවා. හැබැයි ඒ කරන දේවල්